එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න

0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25)නියෝග කළේය.

දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *