එ. ජා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත පිරිසක් දිවයිනට

0

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කලාපීය ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ අදාළ සමුළුව පෙබරවාරි මස 19 සිට 22 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

තවද එහි සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ආසියා පැසිපික් කලාපීය ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහි සම්පූර්ණ සංවිධාන කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙහෙයවනු ලබන අතර ආසියා හා පැසිපික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් 200කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතව තිබෙනවා.

ඒ අතර කෘෂිකර්ම අමාත්‍යවරුන් 40 දෙනෙකු ද ඊට ඇතුළත් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *