‘ඔන්ලයින්’ කෙටුම්පත් විවාදය අද සහ හෙට

0

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (23) සහ (24) හෙට පැවැත්වෙනවා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරිණි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලැසීම, තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත්කිරීම සඳහා විධි විධාන සැලැස්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඬ පැවැත්වීම යන කරුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ගෙන ඒම සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *