කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවට විශේෂ දැනුම් දීමක්.

0

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී කිසිදු  බාහිර පුද්ගලයකුට කාරක සභාව කාමරවලට  කතානායකවරයාගේ  කිසිදු අවසරයක් නොමැතිව පැමිණීම  වහාම ක්‍රියාත්මක වන පරිදි  තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (20)  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පාර්ලි‍මේන්තුවේ  කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැක්කේ  සාමාජික මන්ත්‍රීවරුන්ට    හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රී නොවන මන්ත්‍රීවරුන්ට  කාරක සභාවන්හි  වැඩකටයුතු සඳහා කැඳවීම් කරන  වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ට සහ   කාරක සභාවන්හි  කටයුතු ඉටු කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ට  පමණක් බවයි.

මීට අමතරව, කාරක සභා  ඇතැම්  සභාපතිවරුන්  තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු කිරීමේ ප්‍රවණතා  පිළිබදව තමාට  විවිධ අවස්ථාවලදී කරුණු වාර්තාවී ඇති බවත්  පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව, බැඳී සිටින බවත් කතානායකවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *