කළමනාකරණ සේවා නිලධාරින්ට සුබ පණිවිඩයක්.

0

ඒකාබද්ධ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේදී ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියා.

එම විභාගයේ ප්‍රතිඵල මත පළමු අදියර ලෙස කළමනාකරණ සේවා තනතුරට නිලධාරීන් 660ක්, දෙවැනි අදියර යටතේ නිලධාරීන් 276ක් හා තෙවැනි අදියර යටතේ නිලධාරින් 448ක් ලෙස සමස්ත වශයෙන් නිලධාරීන් 1,384ක් බඳවා ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

එම සියලු බඳවා ගැනීම් 2023 වසරේ දී සිදුකර ඇතැයි ද මේ වනවිට මතුව ඇති විශාලම ගැටලුව එම නිලධාරීන් පිරිස ස්ථානගත කිරීම බවද අද (04) පාර්ලිමේන්තුවේදි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

කළමනාකරණ සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ .

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිළධාරින් බඳවා ගැනීමෙන් පසු ස්ථානගත කිරීමේදී දී නුසුදුසු ආකාරයෙන් සිදු වී තිබෙන බවයි.

ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා සිටියා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *