කළු ගඟේ ජල මට්ටම වැඩිවේ

0

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්‍රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

එම ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ජනතාවට දැනුම්දී සිටියි.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ ද තවදුරටත් මහා ගංවතුර තත්ත්වය පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *