ක්‍රිකට්  තහනම ඉවත් කර ගැනීම සඳහා  පා ර් ලිමේන්තුවම එක් විය යුතුයි – ඇමති කංචන

0

ශ්‍රී  ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව සදහන් වනවා

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඒ බව පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

මෙම  ප්‍රශ්නය දේශපාලනයට ඈඳා ගන්න එපා යැයි ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා ඒ ගැන කනගාටුවට පත් වෙන බව සඳහන් කළා.

විපක්ෂය මෙන්ම  ආණ්ඩුවත් එකතු විය යුත්තේ  අයිසීසී තහනම ඉවත් කර ගැනීම සඳහා යැයි කී අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනපති ඇමති  කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බවයි.

ක්‍රිකට්  තහනම ඉවත් කර ගැනීම සඳහා  පාර්ලිමේන්තුව ම එක් විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *