කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

0

කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ජනවාරි 01 වනදා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ සම්බන්ධ සිදුවීම් හා විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමුන් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධයෙන්නුයි මෙම  දුරකථන අංකය හදුන්වාදෙනු ලබන්නේ.

මෙම දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලුව පිළිබද දැනුම් දීමේ හැකියාව පවතින බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *