කැලණි සරසවි සිසුන් 4කට පන්ති තහනමක්.

0

ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටු දෙකක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටිය දී ඔහු පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව දැනට විමර්ශනයක් සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හැර සෙසු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඊයේ (04) පියවර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *