කිරි ගව ගොවිපොළවල් ගැන ගත් අලුත් තීරණය.

0

ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වනවිට අපේ සත්ව ගොවිපොළවල් 290,592ක් තිබුනත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණක් බවත් මින් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට ලබා දීමට අපහසු වී ඇති බවයි.

සත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 

දැනට කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇති අතර ඒ අනුව යැපුම් මට්ටමේ කිරිගව ගොවිපොළවල්, සතුන් 100-1000 දක්වා සිටින ගොවිපොළ සහ සතුන් 1000ට වඩා සිටින මහා පරිමාණ කිරි ගව ගොවිපොළවල් ලෙස වර්ග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *