කීරි සම්බාවලට සමාන සහල් ආනයනයෙන් පසු මිල ඉහළ යාම පාලනය කරනවා.

0

කීරි සම්බාවලට සමාන සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමෙන් පසු සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හැකි බව සහ සහල් හිඟය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.

ඒ ඊයේ (09) පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

රජය සතුව වී තොග නොමැති වීම හේතුවෙන් ඇතැම් සහල් මෝල් හිමියෝ කීරි සම්බා මිල ඉහළ නැංවීමට කෘත්‍රිම හිඟයක් නිර්මාණය කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.

එමෙන්ම, රජය සතුව සහල් සංචිතයක් පවත්වා ගන්නා තුරු පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට නොහැකි බවත් ඒ සඳහා එළඹෙන වසරේ දී වැඩපිළිවෙළක් සකස් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *