ජනපති අද ඩුබායි රාජ්‍යයට-ආණ්ඩුවෙන් 3ක් , විපක්ෂයෙන් 2ක් ඒ සමග.

0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා

මෙම සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක,අජිත් මාන්නප්පෙරුම, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරු ඇතුළු 15 ක පමණ දූත පිරිසක් සමුළුවට සහභාගී වන බවයි වාර්තා වන්නේ

පෞද්ගලික අංශය නියෝජනය කරමින් තවත් පිරිසක් තම වියදමෙන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සදහන් කළා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට රජයේ වියදමකින් තොරව තරුණ නියෝජිතයින් විසිදෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් හා මාධ්‍ය කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *