කොළඹ නාගරික නිවාසවල, අඩු ආදායම්ලාභී පවුල්වලට ලැබෙන සහන.

0

කොළඹ නාගරික නිවාසවල අඩු ආදායම්ලාභී පවුල්වලින් කුලී අයකිරීම සම්පූර්ණයෙන් නවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තවද එම නිවාසවල පුර් ණ අයිතිය ඔවුන්ට ලබාදෙන බවයි අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ.

2024 වසරේ දී පවුල් 50,000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙන අතර ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබාදෙන මෙම ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් 70%ක් පමණ ඉඩම් සහ නිවාස අයිතිකරුවන් බවට පත්වන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙහි මූලික පියවර ලෙස රුපියල් බිලියන 4 ක මුදලක් වෙන් කරන බව සදහන් කළා.

එමෙන්ම කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන 10ක් මෙවර අයවැය මගින් වෙන් කර තිබෙන අතර ස්වභාවික විපත් නිසා හානියට පත් පාලම්, මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන දෙකක් සහ ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම සඳහා රුපියල් බිලියන 10ක්ද වෙන් කර තිබෙනවා.

මීට අමතරව ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා රුපියල් බිලියන 55ක අතිරේක ප්‍රතිපාදන යොදවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600ක් 2024 සඳහා වන අයවැය මගින් වෙන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *