කොළඹ වරාය නගරය ජාත්‍යන්තරයට – බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිගෙන් සහතිකයක්.

0

දුෂ්කර දශකයකට පසු ශ්‍රී ලංකාව ළඟාකර ගනිමින් සිටින සාර්ථකත්වය කොළඹ වරාය නගරය මත රඳා පවතින බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා පවසනවා.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා මේ බව සදහන් කළේ “දැන් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයෙහි ආයෝජනය කිරීමට කාලයයි” යන තේමාව යටතේ කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරිමේ ඩුබායි හීදි පැවති උත්සවයකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය ඵලදායි ආයෝජන අවස්ථාවක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද නිර්දේශ කර ඇති බවයි.

ආයෝජකයින් සඳහා පමණක් සංවිධානය කර තිබු මෙම උත්සවය පැවැත්වුණේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්,

“අද අපිට කළ හැකි දෙයක් වන්නේ අද මාධ්‍යයෙන් කියවෙන මේ සියල්ල චීනය සතුවන, චීනය මගින් පවත්වාගෙන යන, චීනය විසින් පාලනය කරන අතර, ශ්‍රී ලංකාවට බරපතළ අත්වැරැද්දක් සිදුවී ඇති බවට වන වැරදි මතය නිවැරදි කිරීමයි.

ඇත්තෙන්ම ඔබ නිවැරදිව සොයා බැලුවොත් පෙනීයාවී සැබැවින්ම එය ශ්‍රී ලංකාව සතුවන අතර, ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද නීතී රෙගුලාසි යටතේ පාලනය වන බව. ඔව්. එහිදී චීනය ආයෝජනයක් සිදුකර තිබෙනවා. ඒ මුහුදු ගොඩකර වරාය ඉදිකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන නිසා.”

“දැන් උදාවී තිබෙන්නේ අනෙක් පාර්ශ්වයන්ටත් ඊට සමගාමීව ආයෝජන සිදුකර මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය, අත්විඳීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා නීතී රෙගුලාසී ශ්‍රී ලංකා රජය සකස්කර තිබෙනවා. එම නීතී වෙනත් කිසිවෙකු සකස්කළ ඒවා නෙවෙයි. කොළඹ වරාය නගරය තවදුරටත් ශ්‍රී ලංකාවේ ස්වෛරී භූමි භාගයක්.

චීන සමාගම එහි කොටසක් කල් බදු ක්‍රමයට ලබාගෙන ඇති අතර එය නැවතත් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවනවා. එය විශේෂයෙන් වැදගත් වන්නේ මේ ආකාරයේ විශේෂ‍ ආර්ථික කලාප බොහෝමයක්, සාර්ථකත්වය ලබමින්, මෙහෙයුම් සිදුකරන රටේ සාර්ථකත්වයට උරදෙන අතර අය අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැතිවීමයි. ඒ තවත් ආයෝජන ඊට ලැබෙන හේතුවෙන්.”

“ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් අධ්‍යයනයකට අනුව මෙය රැකියා ලක්ෂ 2ක් පමණ බිහිකළ හැකි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් දැක්විය හැකි ව්‍යාපෘතියක්. සිය වාර්තා මගින් යම් ප්‍රශ්න මතු කළද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා, මෙය ව්‍යාපාරවලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් බව. මට කිව හැක්කේ මෙහි පැමිණීම පවතින අවස්ථාවන්ගෙන් පල ලබාගැනීමේ හොඳ පියවරක් බවයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *