කෝටි 23 කොකේන් කටුනායකදී අල්ලයි.

0

රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශීය කාන්තාවක් විසින් කුඩා දරුවන් කියවන, ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා කොකේන් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය ප්‍රකාශ කළේ.

42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක් බවත් ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි බවත් මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මුළින්ම ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙන්නේ.

ඇය මෙම කොකේන කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් බරැති මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස , ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා , සකස් කර , ඒ තුළ බහා , සිය ගමන් මලු තුළ සගවා රැගෙන විත් තිබුණි .

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *