ගාලුමුවදොර ITC රත්නදීප සුපිරි හෝටලය ජනපති අතින් විවෘත වෙයි

0

මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල්  නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි.  කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද  එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම් .

ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන තත්ත්වයද උසස් කළ හැකියි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප  සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *