සියයට 10ක් පිරිමි ගෘහස්ථ හිංසනයට.

0

පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

 070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බවයි එම කාර්යාංශය දැනුම් දෙන්නේ.

මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ හිංසනයට ලක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාන්තා සෞඛ්‍ය ඒකකය  කියා සිටිනවා.

මේ අතර, ගෘහස්ථ හිංසනයන් ඉහළ යාමට ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *