චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක්

0

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9කට අත්සන් තබා තිබෙනවා.

චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර මෙම නව ගිවිසුම් 9 සදහා අත්සන් තබා තිබෙන්නේ.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත්තේ.

මෙහිදී දෙරට අතර ආර්ථික, සහයෝගීතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ත සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකර තිබෙනවා.

අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් මගින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බවයි දෙරටේ අග්‍රාමාත්‍යවරු එහිදී සනාථ කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *