ඡනපති හා දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී අතර හමුවක්.

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් අද (04) සිදු වුණා.

එහිදී නව්‍ය මුලපිරීම් තුළින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු මෙන්ම දේශගුණික අභියෝගවලට තිරසර විසදුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සකස් කර ඇති විස්තීරණ සැලැස්ම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා.

තවද දේශගුණික විපර්යාසවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමේ තීරණාත්මක ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර දේශගුණය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මූල්‍ය සම්පත් වැඩි දියුණු කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ද අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සියැසින් දැක බලා ගැනීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජෝන් කෙරී මහතාට ආරාධනා කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *