බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු – ජනපති

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුව වෙත පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදි ජනාධිපතිවරයා පවසා සිටියේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිල වශයෙන් දැනුම් දුන් බවයි.

එමෙන්ම දේශපාලන බලයට පවතින තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කරා.

ඇතැම් දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳ දරා ගත් අතර ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කාලයකින් අපට ඒ බංකොලොත්භාවයෙන් මිදෙන්නට හැකියාව ලැබුණු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අභියෝගාත්මක ගමනට නායකත්වය දෙන්නට හැකිවීම ගැන මා තුළ ඉහතමානී සතුටක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ ,නායකයෝ කිසි කෙනෙක්ට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නැහැ. මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි.වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.

මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල  ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *