ජනපතිගේ වැය ශීර් ෂය ගැන ඡන්දයක් – ශීර් ෂ අංක 01 සම්මතයි.

0

අද (22) පාර්ලිමේන්තු විවාදය ජනාධිපති, අගමැති හා අධිකරණ යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් ය.

එහිදී වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ දී විවාදයට ගත් අතර ඉන් පසුව සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී පසුගිය වසරේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 84ක් වෙන් කළ ද මෙවර එය මිලියන 110ක් දක්වා ඉහළ නංවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් අනුර කුමාර දිසානායක මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියා.

එහි දී යෝජනාවට පක්ෂ ව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි වුණා.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ශීර්ෂ අංක 01 සංශෝධන සහිත ව කාරක සභා අවස්ථාවේ දී සම්මත වූ බවයි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එක් ශීර්ෂයක් යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂයන් සඳහන් වනවා.

අදාළ ඡන්ද විමසුම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සහභාගී වූයේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *