ජනපති යළි දිවයිනට.

0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ  සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමුළුව ඇමතු අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබු අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමුළුවේදී සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *