ජනපති සහ පාකිස්ථාන අගමැති අතර හමුවක් – ගාසා ගැන දෙරටින් ඒකාබද්ධ නිවේදනයක්.

0

ජනපති සහ පාකිස්ථාන අගමැති අතර හමුවක් අද (17) පස්වරුවේ සිදු වුණා.

ඒ “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් මහතා අතර බීජිං නුවරදී.

ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කර ඇත්තේ.

තවද පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩ ඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද නායකයන් අදහස් හුවමාරු කර ගත් අතර ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

පාකිස්ථාන මුදල් ඇමතිනි ෂම්ෂාඩ් අක්තාර් මහත්මිය ඇතුළු එරට දූත පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *