ජනපති සහ බැසිල් අතර හමුවක් – මැතිවරණය ගැන සාකච්ඡා

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) පැවත්වා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබෙනවා.

කෙසේවෙතත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටයි තීරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *