ජනවාරියේ සිට වැඩි වන රාජ්‍ය සේවක වැටුප්

0

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කර තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

එහි මුල්ම කොටස වන ගුරු වැටුප් සඳහා වන මුදල් මේ වන විටත් භාණ්ඩාගාරය මගින් නිදහස් කර යවා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *