ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් – ඇමති මනූෂ

0

ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට පියවරගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා කියා සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිදහස් දිනය නිමිත්තෙන් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව අවධාරණය කර සිටියා.

මෙම සැමරුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වලදී පැවැත්වුණ අතර මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ තානාපති කාර්යාල 120 ක පමණ ප්‍රධානීහූ එක්ව සිටි බවයි පැවසෙන්නේ

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවට සහ එහි ගෝලීය හවුල්කරුවන්ට ප්‍රතිලාභ ලැබිය හැකි සහයෝගීතා සඳහා නව අවකාශයක් නිර්මාණය කිරීමටද අමාත්‍යවරයා එහිදී සමත්ව තිබෙනවා .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා මෙහිදී අදහස් දැක්වමින් අවධාරණය කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් වෙමින් අභියෝග මධ්‍යයේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය සඳහා කැපවී සිටින මාවතක ගමන් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *