ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට.

0

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාර්සා ඊයේ (18) දින දිවයිනට පැමිණියා.

ඒ අනුව ඇය මෙරට දින 05ක සංචාරයක නිරත වනු ඇති.

රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්.

මෙම සංචාරය අතරතුර ඇය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ සාමාජිකයන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇති.

ලොව පුරා රටවල් 170ක සමාගම් මිලියන 45ක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය යටතේ පවතිනවා.

එසේම ඇය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසාර නාගරීකරණය පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරනවා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි කොටස් වෙළද පොළට අද (19) පැමිණ සාම්ප්‍රදායික සීනුව නාද කිරීමේ විශේෂ අවස්ථාවටද එක් වීමට නියමිතයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *