ජාතික පාසල් පළාත් පාසල් භේදය ඉවතට

0

ජාතික පාසල් සහ පළාත් සභා ලෙස භේදයකින් තොරව සෑම පාසලක්ම එකම පාසල් වර්ගයක් බවට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙම සැලසුම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන බවත් එක්වර එය ක්‍රියාවට නැංවීමට නොහැකි වුවත් ක්‍රමානුකූලව අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනඅධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව මඟින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාසල්වල ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරනය කළා.

ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන් සඳහා තාක්ෂණය යොදා ගැනීම අත්‍යවශ්‍ය බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණය යොදාගත යුතු බවත් පන්ති කාමරයේ යම් විෂයක ඒකකයක් උගන්වා අවසන් කිරීමෙන් පසුව අභ්‍යාස ලබා දී ඒවාට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතු බවත් බොහෝ රටවල එම ක්‍රමවේදය ක්‍රියාවට නංවන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.

තවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කාලීනව වෙනස් විය යුතු අතර අධ්‍යාපන ඇමැතිවරයා වෙනස් වූවාට එය වෙනස් නොවිය බවයි ඔහු සදහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට පෙරේදා (12) සහභාගි වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *