ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි.

0

ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට  පියවර ගෙන තිබේනවා

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 2,000ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

ඊට අමතරව ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කිරීමට නියමිතයි.

මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 10,000ක් පැවති ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බව එම නිවේදනයේ සදහන්.

එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *