ටෙලි නිළියන් තිදෙනෙක් ප්‍රවර්ධනයට යොදාගෙන කුලී හේවායන් රුසියාවට යැවූ ජාවාරම්කරුවෝ රිමාන්ඩ්

– ඒ අතර විශ්‍රාමික මේජර්වරයකුත්

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් වන විශ්‍රාමික මේජර්වරයකු සහ ඒජන්සිකරුව‍කු වාරියපොළදී සහ දිගනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (17) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවාසවලදීය.