තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

0

දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

76 වන ජාතික නිදහස් දින උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහායි ඔහු මෙරටට පැමිණියේ.

ඔහුගේ සංචාරය තුළදී දෙරට අතර පවතින සබඳතා ශක්තිමක් කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට ද එළඹුණා

මෙරටට පැමිණි තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තවීසින් මහතා ඇතුළු දූත පිරිස (03) දා රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට එක් වුණා.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි තායිලන්ත අග්‍රමාත්‍යවරයා අතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගත් අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිරිස ජනාධිපති මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබූ අතර ඉන් අනතුරුව දෙපාර්ශ්වය සුහද කථා බහකට එක් වුණා.

මේ අතර ජනාධිපති මන්දිරයේ ඇති පැරණි සිතුවම් ද නැරඹූ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවා.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පරිවාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, කංචන විජේසේකර, ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *