තැපැල්හල්වලින් ගෙවන විශ්‍රාමික-ආබාධිත වැඩිහිටි දීමනා බැංකු ගිණුම්වලට.

0

තැපැල් කාර්යාල මඟින් ගෙවනු ලබන විශ්‍රාමික, ආබාධිත හා වැඩිහිටි දීමනා බැංකු ගුණුම්වලට බැර වන අලුත් තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

 ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ ක්‍රමවේදය කඩිනමින් සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව ද අමාත්‍යවරයා සදහන් කළා.

දිගටම අලාභ ලබමින් තිබූ තැපැල් දෙපාර්තමේන්තුව ලබන වසරේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි ආකාරයට අලාභය අඩු කරමින් තිබියදී මෙලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි බවත් අසාධාරණ තැපැල් වර්ජනය නිසා අපහසුතාවට පත්වන ජනතාව වෙනුවෙන් එම පියවර ගැනීමට තීරණය කළ බව හෙතෙම කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *