දකුණු ආසියානු සුදුසුකම් විමර්ශන රාමුව සඳහා අනුමත ලිපියට අත්සන් තබයි

0

කලාපීය සුදුසුකම් රාමුවට අනුගත වූ දෙවන දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින්, දකුණු ආසියානු සුදුසුකම් විමර්ශන රාමුව සඳහා වන අනුමත ලිපියට අත්සන් තබා තිබෙනවා.

 ඒ ඊයේ (20) දින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින්. 

මෙම කලාපීය සුදුසුකම් රාමුව මගින් සාධාරණ බඳවා ගැනීම් මෙන්ම ක්‍රමවත් ශිෂ්‍ය හා ශ්‍රම සංක්‍රමණයට සහාය දෙනු ලබනවා.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ සඳහා මූල්‍ය ආධාර ලබා දී ඇති අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයද මෙම වැඩසටහන සඳහා සහය දී තිබෙනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙන්ම  අධ්‍යාපන අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ ස්විස් සංවර්ධන සහ සහයෝගිතා කාර්යාලය එක්ව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *