දෙනියාය කලාපයේ පාසැල් අද වසා දැමෙයි.

0

දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල බලපෑම් එල්ල වී ඇති පාසල් පමණක් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *