දෙවන ණය වාරිකය පිළිබඳ තීරණය කිරීමට IMF විධායක කමිටුව අද රැස්වෙයි.

0

ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතව තිබෙනවා.

 ඒ යටතේ කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම ප්‍රවේශය පිළිබඳ සලකා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැමිණි එකඟතාවන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබුණා.

එහි පළමු වාරිකය මීට පෙර හිමිව තිබූ අතර අද රැස්වන විධායක කමිටුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද එකඟතාවකට එළැඹීම සඳහා අද රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ණයහිමියන් මේ වන විට මූලික එකඟතාවකට එළඹ ඇති බවයි.

අදාළ එකඟතා මත ඩොලර් බිලියන 5.9ක පමණ හිඟ රාජ්‍ය ණය ආවරණය වන අතර ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩුකිරීම පිළිබඳ ණයහිමියන් සමග අවසන් එකඟතාවට එළැඹීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *