“දේශගුණික යුක්ති සංසදයක්” සඳහා වූ ජනපතිගේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහය.

0

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව සිදු කරා.

ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Inger Andersen සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය Aceng Jane Ruth යන මහත්ම මහත්මීන් ද එක් වුණා.

“දේශගුණික යුක්ති සංසදය” දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමුහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකරාශි කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවීමේ ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව ඉටු කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අලාභ හා පාඩු අරමුදලට වෙන් කර ඇති මුදලට වඩා වැඩි මුදලක් යුක්‍රේනය යුද්ධයටත්, ගාසා තීරයට බෝම්බ හෙළීමටත් වැයකර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණය පිළිබඳ ගැටලුවලට මුදල් වෙන් කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබෙනවා.

දේශගුණික විපර්යාස ඉහළ යාමේ තර්ජනයට ස්ථීර විසඳුමක් ලෙස “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඒ සමඟ එක්වන ලෙස තමා සියලු රටවලට ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට පාර්ශ්වකාර රටවල් සමඟ සහයෝගයෙන් එක්වන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *