දේශගුණික විපර්යාස සඳහා කඩිනම් පිළියම් යෙදීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි.

0

2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධන වූ රටවල් ලබාදුන් පොරොන්දු කඩ වී ඇති බවත්, මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කයක් සහිතව දේශගුණික විපර්යාස සඳහා කඩිනම් පිළියම් යෙදීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණ අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

තවද බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී ආර්ථික සාධක, මිල සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් සමස්ථය පිළිබඳ පුළුල් දැක්මකින් යුක්තව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම තීරණ ගැනීමේදී මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමටද යෝජනා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *