දේශපාලන කොන්දේසිවලින් තොරව චීන සහාය – චීන ජනපතිගෙන් පොරොන්දුවක්

0

ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහායදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින්  මහතා පවසා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතර අද බීජිං නුවරදී පැවැති හමුවේ දී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ.

තවද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනපතිවරයා පෙන්වාදී තිබෙනවා.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති එම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද එකඟවී තිබෙනවා.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුව මීට මොහොතකට පෙර ආරම්භ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *