ධාවනයෙන් ඉවත් කර තිබූ කෝටි 100කට වඩා වටිනා ලංගම බස් රථ පිළිසකර කර යළි ධාවනයට එක් කරයි

0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සංචාරක ප්‍රවාහන සේවයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධිසුඛෝපභෝගී බස් රථ 17ක් පිළිසකර කර නැවත ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුවයි.

අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් රත්මලාන පරිශ්‍රයේ දී පිළිසකර කෙරුණු මෙම බස් රථ අලුත්වැඩියාවන් සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 100කට වඩා අඩු මුදලක් වීම විශේෂත්වයක් බව සදහන්.

එම එක් බස් රථයක් අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම තුළින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *