නව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබා දීමට පියවර.

0

නව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබා දීමට නියමිත ​බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

එළඹෙන දෙසැම්බර් 02 දින ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම සඳහා තරග විභාගය පවත්වන බවත්, ඒ අනුව නව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබා දීමට නියමිතව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා  ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී සදහන් කළේ.

ග්‍රාම නිලධාරින් බඳවා නොගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම කමිටු වාර්තාව ලැබුණු වහාම ග්‍රාම නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *