නව විදුලි බල පනත ගැසට් කරයි.

0

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නව විදුලි බල පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

එය ලබන මාස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම නව පනත පාර්ලිමේන්තුවේ සම්මතවූ පසුව මේ වන විට ක්‍රියාත්මක 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අවලංගු වනු ඇති.

විදුලිබල කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ, ජාතික විදුලිබල උපදේශක සභාවක් පිහිටුවීම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තය සඳහා නියාමක වශයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන නව විදුලිබල පනතට ඇතුළත්.

එමෙන්ම, මෙම පනත මඟින් විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදැහැරීම, වෙළෙඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය සම්බන්ධ ව්‍යවස්ථාමය පියවර සැපයීම සහ ඊට අදාළ ක්‍රියා පටිපාටි නිශ්චිතව දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *