නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේ සිරුරු සොයාගනී.

0

බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ ඒකකය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන් සොයා සිදුකළ මෙහෙයුමේදී මොවුන්ගේ සිරුරු සොයාගෙන තිබෙන්නේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන් වී තිබුණා.

ඒ අනුව එකම පවුලේ පියා, මව සහ දියණියන් දෙදෙනාගෙ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *