නිල්වලා ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක්.

0

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් නිල්වලා ගංගාව ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ආශ්‍රිත පහත් බිම්වල ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම, කලු ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර එහි ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති නමුත් ගංගාව භාවිතා කිරීමේ දී අවධානය යොමු කළ යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මීට අමතරව ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඒවා වාන් දැමීමක් සිදු විය හැකි අතර ජනතාව ඒ පිළිබඳ ද අවධානයෙන් සිටි යුතු බව එම දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *