නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි

0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 21වැනි ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ(24) ආරම්භ විය.ආරම්භක දිනයේ පැවැති තුන්පිම්ම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නෙත්මිකා මදුශානී හේරත් සමත් වූවාය.මෙහි රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව( 13.33m) විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම කොරියානු ක්‍රීඩිකාවක් (12.67m) විසින් දිනා ගනු ලැබීය.මෙහිදී නෙත්මිකා මීටර් 13.01ක දක්ෂතාවක් දැක් වූ අතර, එය ඇගේ පුද්ගලික හොදම දක්ෂතාවද විය.

ඇය මොනරාගල, බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

වසර 38ක ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 36 වැනි පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා අද(25) දුර පැනීමේ ඉසව්වට තරගවදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *