නේපාල – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමක්

0

නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් සහභාගී වන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමක් හෙට (20) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන එම රැස්වීම ලබන 22 වනදා දක්වා පැවැත්වෙනවා.

එහිදී ද්වීපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් වන සමාලෝචනයක් සහ එය යාවත්කාලීන කිරීමේ කටයුතු පිළිබඳව අවධානය යොමු වනු ඇති අතර ඒ සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහභාගී වීමට නියමිතයි.

ඒකාබද්ධ කොමිෂන් සභාව අතරතුර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කිරීමට ද නියමිතව තිබෙනවා.

මෙම රැස්වීමට සමගාමීව අමාත්‍ය අලි සබ්‍රි මහතා නේපාල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *