පසුගිය වසර 10යේ රජයේ රෝහල්වල සිදුවූ මරණවලට ප්‍රධාන හේතුව මෙන්න

0

2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වල සිදු වූ මරණවලට ප්‍රධාන හේතුව, හෘදයාබාධ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරිල් බාලසිංහම් පවසයි.

මෙරට සිදුවන බහුතරයක් මරණවලට හේතුව වන්නේ, ‘ඉස්කීමික් හාර්ට් ඩිසීස්’ (ischaemic heart disease) යන බෝ නොවන රෝගී තත්ත්වය බව ඇය සඳහන් කළා ය.

ඉස්කීමික් හාර්ට් ඩිසීස් යනු, හෘදයාබාධ හෙවත් හෘදයට ලේ සපයන රුධිර නාළවල ඇති වන රෝගී තත්ත්වයක් නිසා හෘදයට හානිය සිදු වීම බව ඇය පැහැදිලි කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *