පාර් ලිමේන්තු ගැටුමේ වාර් තාව අද.

0

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු  මන්ත්‍රී රෝහණ බණ්ඩාර මෙන්ම සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ වාර් තාව අද (14) පාර්ලිමේන්තුවේ වරප්‍රදාස කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර් තා වනවා.

ඒ අනුව ඔවුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති බවයි සදහන් වන්නේ

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙනුයි අදාළ කමිටුව පත් කෙරුණේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරනවා.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *