පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව පදක්කම් අභිශේකාභිමාන මංගල්‍යය-2024

ව්‍යවසායකත්වය පාසලෙන් ඇරැඹීමේ අරමුණ පෙරදැරිව කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පාසල්වල “පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව” ආරම්භ කරනු ලැබීය.

2023 ජුනි 27 වැනි දින කොළඹ නාලන්දා විද්‍යාලයේ දී එහි සමාරම්භය සනිටුහන් කෙරිණි.

එම ජාතික වැඩසටහනෙහි “පාසල් කර්මාන්ත ව්‍යවසායක පදක්කම් අභිෂේකාභිමාන මංගල්‍යය” මාර්තු 22 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.