පාසල් දරුවන්ට අභ්‍යාස පොත් සහන මිලට ලබා දීමේ වැඩසටහනක්.

0

පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහන මිලට ලබා දීමේ වැඩසටහනක් මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා  මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්

ඒ අනුව අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ගේ මැදිහත් වීම මත මේ සඳහා අයදුම් කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාසල් දරුවන්ගේ පොත් පත්වල මිල ගණන් අධිකවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සාකච්ඡා කළ බවයි.

ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්දයෙන් ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව සහන මිලට පොත් පත් ලබා ගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *