පිටකොටුව බස් නැවතුම අරන් යන අලුත් තැන.

0

පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනක පිහිටි ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්දයෙන් කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති හමුවේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා කියා සිටියා.

දැනට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනගන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටියා.

කොළඹ නගරයට පැමිණෙන බස් රථ වෙනත් ස්ථානයක ගාල් කර තිබී පිටත්වන වේලාවට පමණක් බස්නැවතුම්පොළට පැමිණීම දැනට සිදුවන බව ත්, ඒ අනුව මගීන්ට මෙන් ම රියැදුරන්ට පහසු වන පරිදි නව බහුවිධ මධ්‍යස්ථානය ගොඩනැගීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

මේ අතර, පිටකොටුව බස්නැවතුම්පොළවල් කොටුව දුම්රිය ආසන්නයේ ස්ථානගත කිරීමෙන් අනතුරුව එම ඉඩම් වාණිජමය කටයුතුවලට යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙන අතර කොළඹ නගර අලංකරණ සැලැස්ම යටතේ එම භූමි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කරමින් ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *